ලිංගික උත්තේජන ඖෂධ තොගයක් හොරෙන් ගෙන්වා මාට්ටු ! | Colombocall ලිංගික උත්තේජන ඖෂධ තොගයක් හොරෙන් ගෙන්වා මාට්ටු ! - Colombocall

Hot News

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් හොරෙන් ගෙන්වා මාට්ටු !





ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 1/23 දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොහු ගම්පහ , උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .

මෙම ව්‍යාපාරිකයා පසුගිය 23 වන දින සවස 5.00 ට මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ලිංගික උත්තේජන ඖෂධ (වියාග්‍රා , වයිමැක්ස් , මැක්ස් මැකස් ) විශාල ප්‍රමාණයක් ද , ඊට අමතරව කාන්තාවන් තම සිරුරු වල රාත්‍රී කාළයේ ආලේප කරන ආලේපන තොගයක් ද තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

පරීක්ෂණ වලින් අනතුරුව මෙම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ