ත්‍රීවීල් චන්ඩි දාන සෙල්ලම් ! ගසා කන්නේ පවුල ජීවත් කරවීමට ! | Colombocall ත්‍රීවීල් චන්ඩි දාන සෙල්ලම් ! ගසා කන්නේ පවුල ජීවත් කරවීමට ! - Colombocall

Hot News

ත්‍රීවීල් චන්ඩි දාන සෙල්ලම් ! ගසා කන්නේ පවුල ජීවත් කරවීමට !







සංචාරකයින් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ රියදුරන්ට එල්ල වන විවිධ බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට පොලිසියට පැමිණිලි ලැබෙමින් තිබෙනවා.

සමස්ත ලංකා කුළී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරකීමේ සංගමයේ සභාපති චරිත් අත්තනපොළ කියා සිටියේ සංවිධානාත්මක කණ්ඩායම මෙම බලපෑම සිදු කරන බවයි.

එහිදී "අපේ කූලි රථ රියදුරන් කොළඹින් හයර් එකක් අරගෙන පිට පළාත්වලට ගියාම සහ ඒ පළාත්වල සිටින සංචාරකයින් ඔවුන් සිටින ස්ථානයේ සිට අපිට කැඳවීමක් කළාම අදාළ සංචාරක හෝටල් ආශ්‍රිතව හෝ ඒ අසළ රැඳී සිටින සංවිධානාත්මක ත්‍රීරෝද රථ රියදුරන් පිරිස් තර්ජනය කිරීම්, පහරදීම්, අලාභහානි කිරීම් සිදු කරනවා. එහෙම කරන්නේ අපි සාධාරණ මුදලකට මෙම සේවාව ලබා දෙන නිසා. ඔවුන් සංචාරකයින් සූරා කමින් කරන ක්‍රියාවන් සංචාරකයින් පවා දැනුවත් වෙලා ඉන්නේ. බොහෝ වෙලාවට සංචාරකයින් ගමනාන්තයෙන් බැස ගියාට පසු අපිට පහරදෙන අවස්ථා තියෙනවා. ලංකා රජයත්, සංචාරක පොලීසියත් සංචාරක මණ්ඩලයත් මේ ගැන අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පොලිසි ගණනාවක අපි කරපු පැමිණිළි තියෙනවා. " යනුවෙන් සඳහන් කළා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි සිද්ධීන් වාර්තා වන බවයි ඔහු කියා සිටියේ.

වසරක පමණ කාලයක් තිස්සේ වරින් වර සිදු වූ මෙම බලපෑම් මේ වනවිට වැඩි වෙමින් ඇති බවයි සමස්ත ලංකා කුළී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරකීමේ සංගමය කියා සිටියේ. මෙම තත්වය සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව දැනුවත් කිරීමටද ඔවුන් පියවර ගෙන තිබෙනවා.