දෙදෙනකුට ජීවිත අහිමි කරමින් කන්ටේනර් රථයක් කරණමක් ගහයි ! | Colombocall දෙදෙනකුට ජීවිත අහිමි කරමින් කන්ටේනර් රථයක් කරණමක් ගහයි ! - Colombocall

Hot News

දෙදෙනකුට ජීවිත අහිමි කරමින් කන්ටේනර් රථයක් කරණමක් ගහයි !






 (05) අළුයම මීගමුව කොළඹ මාර්ගයේ ජාඇළ - වැලිගම්පිටිය මංසන්ධියේදී සිදුවූ අනතුරකින්  පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති අතර රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි වාර්තා වුනේ.

එම අවස්ථාවේදී අසළ නවතා තිබූ ලොරි රථයකද කන්ටේනර් රථය ගැටී ඇති අතර අනතුරෙන් කන්ටේනර් රථයේ රිය සහයකයා සහ අනතුර සිදුවන අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබුනා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා මොරවක පල්ලෙකන්ද ප්‍රදේශයේ  සහ ගාල්ල  පාලටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්  අවුරුදු 32 සහ 23 වයස්වල පසුවන අය බවයි සඳහන් වන්නේ

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ කන්ටේනර් රථයේ රියදුරා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කරන්නේ.