ගිනිඅවියක් රැගෙන විත් සුපිරි වෙළදසැලක් කොල්ලකයි ! | Colombocall ගිනිඅවියක් රැගෙන විත් සුපිරි වෙළදසැලක් කොල්ලකයි ! - Colombocall

Hot News

ගිනිඅවියක් රැගෙන විත් සුපිරි වෙළදසැලක් කොල්ලකයි !







 ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියක්ද රැගෙන විත් කොල්ලකා සුපිරි වෙළදසැලක් තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා එහි  සිටි සේවකයන් බියගන්වා සුපිරි වෙළද සැලේ තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගාල්ල, කහදුවවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලක මෙම කොල්ලය සිදුව තිබෙනවා.

ඔවුන් පැමිණ ඇත්තේ යතුරු පැදියකින්. කොල්ලකෑම සිදුවන අවස්ථාවේ සුපිරි වෙළද සැල තුළ පාරිභෝගිකයින් රැසක්ද සිට තිබෙනවා.

 ඊයේ රාත්‍රි 11.10 ට පමණ වූ මෙම කොල්ලය සම්බන්ධයෙන් සුපිරි වෙළද සැල තුළ තිබූ ආරක්‍ෂිත කැමරා ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි ගාල්ල පොලීසිය පැවසුවේ.