මෛත්‍රීපාල සිරිසේන ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455 ක විශාල ණයක් ලබා ගනී(PHOTOS) | Colombocall මෛත්‍රීපාල සිරිසේන ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455 ක විශාල ණයක් ලබා ගනී(PHOTOS) - Colombocall

Hot News

මෛත්‍රීපාල සිරිසේන ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455 ක විශාල ණයක් ලබා ගනී(PHOTOS)





ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සභාපති තකෙහිකෝ නාකාඕ  මහතා අතර ගිවිසුමක් අද (17) අත්සන් කෙරුණා.


පිලිපීනයේ  නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට ද  එක් වුණා.

බැංකු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සභාපති තකෙහිකෝ නාකාඕ මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා.

අසියානු සංවර්ධන බැංකු මූලස්ථානය ස්ථාපිත කළ අවධියේ  සිට එහි සුවිශේෂී අවස්ථාවන් සිහිපත් කරමින් ප්‍රදර්ශනය කර ඇති ඡායාරූප එකතුව නැරඹීමට ද ජනාධිපතිතුමා එක් වී තිබෙනවා.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ  මහතා ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.