රෝහිතගේ විවාහය අද 24 (PHOTOS) | Colombocall රෝහිතගේ විවාහය අද 24 (PHOTOS) - Colombocall

Hot News

රෝහිතගේ විවාහය අද 24 (PHOTOS)






හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී පැවැත් වෙනවා.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ හිතමිතුරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය වසරේ සුපිරිතම විවාහ මංගල්‍ය අත්දැකීම් වනු ඇති බවයි සියලු දෙනා පාහේ මත පළකරන්නේ.

දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු 1500ක් පමණ සහභාගීවන රෝහිත – ටට්යානා විවාහ මංගල්‍යයට වීරකැටිය ගම්වාසීන්ට ද ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිංගප්පුරු සංචාරයට පෙර රෝහිත හා ටට්ට්යානා දෙපළට සුභ පැතීමට ඔවුන් හමු වී තිබේ.

ඥාතීන්, හිතමිතුරන් සහ පාක්ෂිකයින්ගෙන් සැදුම්ලත් මෙම විවාහ උත්සවයේ පෝරුවේ චාරිත්‍ර උදෑසන 09.00ට වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වෙයි.

ආරධිතයින්ගේ නවාතැන් පහසුකම් සඳහා “රන්න 212” හෝටලය වෙන්කර ඇති අතර එහි සිට උත්සවය පැවැත්වෙන ස්ථානය දක්වා වූ ප්‍රවාහන පහසුකම් ආදියද සලස්වා තිබේ.