2019 පළමු දූෂණ සිද්දිය ! මාමා දැරිය රවටා අනාගතයම විනාශ කරයි | Colombocall 2019 පළමු දූෂණ සිද්දිය ! මාමා දැරිය රවටා අනාගතයම විනාශ කරයි - Colombocall

Hot News

2019 පළමු දූෂණ සිද්දිය ! මාමා දැරිය රවටා අනාගතයම විනාශ කරයි





කන්දකැටිය පොලිස් වසමට අයත් බෝපිටිය මයිලගස්තැන්න ප්‍රදේශයේ අවුරුදු නමයක් වයසැති සිය ඥාති දියණියක දූෂණය කළ පුද්ගලයෙකු අද(01) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා දූෂණයට ලක්වූ දැරියගේ ඥාති මාමා කෙනෙකු බවත් දැරිය රවටා මෙම අපරාධය සිදුකර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂන වලදී අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කන්දකැටිය පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර ඔහු මෙම මස නව වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව  වාර්තාකරු පවසයි.

අතවරයට ලක්වූ දැරිය රෝහල්ගතකළ කර ඇති අතර ඇය  සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.