2019 වසරේ බිහිසුණුම රිය අනතුර නයිනමඩමන් ! තනි අනතුරින් දැනට හයක් මරුට ( PHOTOS) | Colombocall 2019 වසරේ බිහිසුණුම රිය අනතුර නයිනමඩමන් ! තනි අනතුරින් දැනට හයක් මරුට ( PHOTOS) - Colombocall

Hot News

2019 වසරේ බිහිසුණුම රිය අනතුර නයිනමඩමන් ! තනි අනතුරින් දැනට හයක් මරුට ( PHOTOS)





කොළඹ-හලාවත මාර්ගයේ නයිනමඩම පාලම අසලදි මෝටර් රථයක් මාළු ලොරියක ගැටිමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතිබව පොලිසිය පවසනවා.

අද (20) අළුයම 3.15ට පමණ මෙම රිය අනතුර සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේ  මෝටර් රථයේ   පුද්ගලයින් 09 දෙනෙක් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

2019 වසරේ වැඩිම පිරිසක් එක අනතුරකින් මියගිය අවස්ථාව මෙය වෙනවා.