කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශය උණුසුම් වෙයි ! හමුදාවේ 12 කට දැනට තුවාල. 04 ක් රෝහලේ ! | Colombocall කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශය උණුසුම් වෙයි ! හමුදාවේ 12 කට දැනට තුවාල. 04 ක් රෝහලේ ! - Colombocall

Hot News

කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශය උණුසුම් වෙයි ! හමුදාවේ 12 කට දැනට තුවාල. 04 ක් රෝහලේ !






කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ අද (29) උදෑසන සිදු වූ නොසන්සුන්තාවයෙන් නාවික හමුදා සෙබලුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. ඉන් සිව්දෙනෙකු ත්‍රීකුණාමල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නාවික හමුදා කණ්ඩායමක් වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී වැලි ජාවාරම්කරුවන් ඇතුලු පිරිසක් නාවික හමුදාවට බාධා කරමින් විරෝධයක් සිදු කළ අතර එහිදී සංවිධානාත්මක පිරිස් එල්ල කර ගල් ප්‍රහාර හමුවේ නාවික හමුදා සෙබලුන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

මේ වන විට කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර මූතූර් සහ චීන වරාය පොලිස් ස්ථානවලින් අමතර පොලිස් නිලධාරීන්ද කැඳවා තිබෙනවා.

නාවික හමුදාව අත්අඩංගුවට ගැනීමට යාමේදී මහවැලි ගගට පැන පළා ගොස් අතුරුදහන් වූ වැලි ජාවාරම්කරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.

අද (29) පෙරවරුවේ නාවික හමුදාව විසින් මෙම හදිසි වැටලීම සිදුකරනු ලැබුවේ ලද තොරතුරකට අනුව බවයි පැවසෙන්නේ.

ඊයේ (28) රාත්‍රියේදීද නාවික හමුදාව විසින් අනවසර වැලි ටිපර් රථ 02ක් සහ සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ සිදුවන මෙම මෙහයුම්වලට එරෙහිව වැලි ජාවාරම්කරුවන් ප්‍රදේශවාසීන් සමග එක්ව නාවික හමුදාවට එරෙහිව විරෝධතාවක්ද පවත්වා ඇති අතර එහිදී පිරිසක් නාවික හමුදා සෙබලුන්ට පහරදීමටද උත්සහ කර තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩි තබා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.