ජනවාරි 05 බෞද්ධ කොඩියක් ඔසවන්න ! ඓතිහාසික දිනය ගැන මහජනතාව දැනුවත් කරන්න | Colombocall ජනවාරි 05 බෞද්ධ කොඩියක් ඔසවන්න ! ඓතිහාසික දිනය ගැන මහජනතාව දැනුවත් කරන්න - Colombocall

Hot News

ජනවාරි 05 බෞද්ධ කොඩියක් ඔසවන්න ! ඓතිහාසික දිනය ගැන මහජනතාව දැනුවත් කරන්න









බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය  ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 වසර 2300කට අධික කාලයක් බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ත්‍රපිටකය ජාතික උරුමයක් බවට පත්කිරිම 2019.01.05 වන දින මාතලේ අලුවිහාරයේදි පැවැත්විමටද සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

මෙම අවස්ථාවට මහා සංඝයාවහන්සේලා 1500 නමක් සහභාගි වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කිරීමට සියළු කටයුතු සූදානම්.

මෙය පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරේ.

තවද මෙම පණිවිඩය ෆේස්බුක් ඔස්සේ හැකිතාක් ශෙයා කරමින් හෝ ප්‍රකාශ කරමින් හෝ ජනතාව දැනුවත් කිරීමක් සිදු කරන ලෙස බෞද්ධ ජනතාව ඉල්ලා සිටිනවා.ඊට හේතුව වන්නේ මෙය ඓතිහාසිකව බෞද්ධ ජනතාවට වැදගත් දිනයක් වීමට නියමිත නිසා බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.