පෙබරවාරි 04 "ජාතික නිදහස් දිනය" මෙවර නොපැවැත්වීමට රජය තීරණය කරයි. | Colombocall පෙබරවාරි 04 "ජාතික නිදහස් දිනය" මෙවර නොපැවැත්වීමට රජය තීරණය කරයි. - Colombocall

Hot News

පෙබරවාරි 04 "ජාතික නිදහස් දිනය" මෙවර නොපැවැත්වීමට රජය තීරණය කරයි.





සෑම වසරකම පෙබරවාරි 04 වැනිදා ‘ජාතික නිදහස් දිනය’ නමින් සමරන ලද නිදහස් දින ජාතික උත්සවය මෙවර ‘නිදහස් දිනය’ යන්න ඉවත් කොට ජාතික දින සැමරුම ලෙස වෙනස් කොට සැමරීමට රජය තීරණය කොට තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් "නාලක කලුවැව" මහතා ඒ පිළිබඳ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇති සඳහනක් අනුව රජය එම තීරණය ගෙන ඇති බවයි.

 ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමේ සැමරුම 71 වැනි වරට මෙවර පවත්වන්නේ ‘ජාතික දින උත්සවය’ නමින්ය.

මාලදිවයින් ජනාධිපති "ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ්" මහතා ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

 ජනතාව මේ පිළිබඳ එතරම් දැනුවත් වී නොමැති නිසා මේ ගැන සමාජ කතිකාවක් සැදීමට ප්‍රමාද වී ඇති බව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පවසනවා.

කෙසේ නමුත් මීට පෙර අවස්ථාවක නිදහස් දිනයේ   "ලැප්ටොප් නැටුමක්" ඉදිරිපත් කිරීම සඳහා පුහුණුකිරීම් සිදු වුවත් ජනතා අප්‍රසාදය නිසා එය වැලකී ගිය බවක් පෙනෙන්නට තිබුණා.