ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු නාවික සැපයුම් කඳවුරක් ලංකාවේ ස්ථාපිත වෙයි ! දේශපාලන අස්ථාවරත්වයෙන් ඇමරිකාව උපරිම ප්‍රයෝජන ගනී - VIDEO- | Colombocall ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු නාවික සැපයුම් කඳවුරක් ලංකාවේ ස්ථාපිත වෙයි ! දේශපාලන අස්ථාවරත්වයෙන් ඇමරිකාව උපරිම ප්‍රයෝජන ගනී - VIDEO- - Colombocall

Hot News

ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු නාවික සැපයුම් කඳවුරක් ලංකාවේ ස්ථාපිත වෙයි ! දේශපාලන අස්ථාවරත්වයෙන් ඇමරිකාව උපරිම ප්‍රයෝජන ගනී - VIDEO-






 ලංකාවේ දේශපාලන අර්බුදය මැද ඇමරිකාව විසින් තාවකාලික නාවික සැපයුම් කඳවුරක්‌ ලංකාවේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ වන ජෝන් සී ස්‌ටෙනිස්‌ නමැති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන යෝධ නැව භාවිත කරන බව යූ. එස්‌. නේවි නිව්ස්‌ වෙබ් අඩවිය ඇතුළු විදෙස් වෙබ් අඩවි රැසක්   හෙළි කර තිබුණා.

ඇමරිකාවේ මෙම ක්‍රියාදාමය ගැන  නාවික හමුදාවෙන් විමසූ විට පැවසුවේ මේ දක්‌වාම ඇමරිකානු ගුවන් යානා ගෙන යන නැවක්‌ කොළඹ පිටත වරායට හෝ ත්‍රිකුණාමල වරායට පැමිණ නැති බවයි.

ඉන්දීය සාගරයේ යාත්‍රාකරන ඇමරිකානු නාවික යාත්‍රාවලට සැපයුම් ලබාදීම සඳහා මේ තාවකාලික නාවික කඳවුර ස්‌ථාපිත කරන බව ස්‌ටෙනිස්‌ නෞකාවේ නිලධාරී ලුතිනන් බ්‍රසිරන් ඕර්මින් පැවසුවා.

මෙයට පෙර ත්‍රිකුණාමලය වරායට පැමිණි ඇමරිකානු ඇස්‌කෝරේඡ් නැව ගුවන් මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා.

මෙතෙක්‌ ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක වන ඇමරිකානු නාවික යාත්‍රාවලට සැපයුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ තාවකාලික නාවික කඳවුරක්‌ පිහිටුවීමට ඇමරිකාව ක්‍රියා කර නොතිබුණු අතර මෙය පළමු අවස්ථාව වනවා.

මහින්ද අගමැති තනතුරේ සිටියදී මෙවන් ක්‍රියාවක් සිදුවීම පුදුමයක් බව බොහෝ දෙනෙක් පවසනවා.

මෙම පුවත කණ වැටුණු බොහෝ දෙනෙක් කියා සිටියේ ඇමරිකාව විසින් ලංකාව තමාට නතු කරගැනීමේ පලමු පියවර ලෙස මෙසේ සැපයුම් කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට කටයුතු කල බවයි.

එමෙන්ම ලංකාවේ සියළු ආයතන සහ පද්ධති වල තොරතුරු සියල්ල ලබා ගත හැකි විශේෂ මෘදුකාන්ග මෙන්ම විශේෂ තාක්ෂණික මෙවලම් ද නැව අභ්‍යන්තරයේ ස්ථාපිත කර ඇති බවට ද කට කතාවක් පැතිර යනවා.

කෙසේ නමුත් එය කට කතාවක් ලෙස බැහැර කල නොහැක්කේ  ඔවුන් අපට වඩා සිය දහස් ගුණයක් තාක්ෂණික අංශයෙන් ඉදිරියෙන් සිටින නිසාවෙන්.

එමෙන්ම බොහෝ දෙනෙක් දෙනකුගේ ගැටළුව වී ඇත්තේ මහින්ද අගමැති සහ මෛත්‍රී ජනාධිපති කුමන කරුණක් නිසා මීට විරුද්ධ නොවුනේ ද යන්නයි.

කෙසේ නමුත් ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය නිසා  වෙනත් රටවල් එයින් උපරිම ප්‍රයෝජන ගන්නා බව පැහැදිළි වෙන බව තවත් පිරිසක් කියා සිටිනවා.

එම නැව පිළිබඳ විස්තරය සහ එය විදෙස් මාධ්‍ය වාර්ත කර තිබූ වීඩියෝව පහළින් නරඹන්න