පන්ති යන්න දෙමව්පියන්ගෙන් සල්ලි අරන් ගම්පහ ඇවිත් ඒ සල්ලි වලින් මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා මිනිස්සුන්ට චන්ඩි පාට් දාන පාසල් මැරයෝ- VIDEO- | Colombocall පන්ති යන්න දෙමව්පියන්ගෙන් සල්ලි අරන් ගම්පහ ඇවිත් ඒ සල්ලි වලින් මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා මිනිස්සුන්ට චන්ඩි පාට් දාන පාසල් මැරයෝ- VIDEO- - Colombocall

Hot News

පන්ති යන්න දෙමව්පියන්ගෙන් සල්ලි අරන් ගම්පහ ඇවිත් ඒ සල්ලි වලින් මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා මිනිස්සුන්ට චන්ඩි පාට් දාන පාසල් මැරයෝ- VIDEO-








ඊයේ(11) සවස ගම්පහ බස් නැවතුමේදී බීමතින් "චන්ඩින්" ලෙස හැසිරුණු පාසල්  යන වයසේ පසුවන සිසුන් දෙදෙනකු හදිසියේම පොලිස් අත් අඩංගුවට ගැනුනා.

මීට පෙර ද මාතර ප්‍රදේශයේ දී මරණයට පත් වූ පාසල් සිසුවාට පිහි ඇනුම සිදු කළ වයසට සම වයසේ පසුවන මොවුන් දෙදෙනා දෙමාපියන්ගෙන් උපකාරක පන්ති යන මුවාවෙන් මුදල් රැගෙන නිවසින් පැමිණ උපකාරක පන්ති සඳහා සහභාගී නොවී තම මිතුරන් සමඟ මත් ද්‍රව්‍ය පානය කර බස් නැවතුමේ සිටින තරුණියන්හට උසුළු විසුළු කරමින්  චන්ඩින් ලෙස හැසිරෙන අයුරු දුටු බස් රියදුරන් සහ  අසල සිටි පිරිසක් මොවුන් දෙදෙනාට නිවෙස් බලා යන ලෙස අවවාද කර තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනාගේ මිතුරන් පැමිණ ඔවුන්  එතනින් ඉවත් කරගෙන යන අතර මඟ දුරක් ගොස් මෙම බීමත් සිසුන් දෙදෙනා  නැවත පරුෂ වචනයෙන් බැන වදිමින් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙනවා.

මොවුන් පන්ති සඳහා සහභාගී වී නිවෙස් බලා යන තම වයස් වලම පසුවන තරුණයින්ගෙන් තර්ජනය කර මුදල් ඉල්වන බව බොහෝ දෙනෙක් දැක තිබෙනවා. එවෙලෙහි කවුරුන් හෝ අයෙක්  119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කර තිබෙන අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරින් ගම්පහ බස් නැවතුමට පැමිණෙනවා.

එම අවස්ථාවේ චන්ඩින් ලෙස හැසිරුණු බීමත් තරුණ  පාසල් සිසුන් දෙදෙනා පොලිසියේ අතටම අහු වී තිබෙනවා.

එවෙලෙහිම මොවුන් දෙදෙනාට මාංචු දමා පොලිසිය රැගෙන යන අතර මොවුන් මෙලෙස මත් ද්‍රව්‍ය ලබා ගන්නේ කාගෙන් ද ? මුදල් සොයාගන්නේ කාගෙන් ද ? චන්ඩින් ලෙස පහර දුන්නේ කාටද?  යන්න පිළිබඳ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මත් ද්‍රව්‍ය භාවිත කර ඇති නිසා ඔවුන්ට කිට්ටු වීමට බියෙන් බොහෝ දෙනෙක් සිට තිබෙනවා.   
එක් තරුණයකුගේ ඉනෙහි කුඩා පිහියක් ද තිබුණු බව  සිද්ධිය දුටු අයෙක් කියා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් නිළධාරීන්ගේ පැමිණීම නිසා වෙන්නට තිබූ විශාල විනාශයක් වලක්වා ගැනීමට හැකි වී තිබෙනවා.