තම නිළ රථ ගෙන්වීමට ඇති මුදලින් ට්‍රැක්ටර් ලබා දී රටට ආදර්ශයක් ලබා දුන් කඩුවෙල පුරපති ! -PHOTOS- | Colombocall තම නිළ රථ ගෙන්වීමට ඇති මුදලින් ට්‍රැක්ටර් ලබා දී රටට ආදර්ශයක් ලබා දුන් කඩුවෙල පුරපති ! -PHOTOS- - Colombocall

Hot News

තම නිළ රථ ගෙන්වීමට ඇති මුදලින් ට්‍රැක්ටර් ලබා දී රටට ආදර්ශයක් ලබා දුන් කඩුවෙල පුරපති ! -PHOTOS-










කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් මහතාගේ නිළ රථය වෙනුවෙන් වෙන් කළ මුදල් වලින් කොටසක් වැයකර කඩුවෙල මහ නගර සභාව සඳහා නවීන ට්‍රැක්ටර් රථ  හයක් මිලට ගෙන තිබෙනවා.

බොහෝ දේශපාලකයින් මහජන මුදල් ඉතා පිළිකුල් සහගත ලෙස අවභාවිතයට ලක් කරන යුගයක කඩුවෙල නගරාධිපතිවරයා විසින් කරන ලද මෙම සත් ක්‍රියාව සමස්ථ රටේම ඇගයීමට ලක් විය යුතු වනවා.

එසේම ඔහු මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ‘‘කඩුවෙල අලුත් ආරක‘‘ තම තේමාව යටතේම මෙම ක්‍රියාව සිදු කළ බවයි

එම සටහන පහතින්

කඩුවෙල අලුත් ආරක , මාගේ තේමාව යටතේම මා හට ලබා දීමට නියමිතව තිබු නිල රථයට වෙන් කල මුදලින් හරි අඩක් වියදම් කොට කඩුවෙල මහ නගර සභාවේ කසල ප්‍රවාහනය සදහා නව ට්‍රැක්ටර් රථ 06ක් අද දිනයේදි මහ නගර සභා ප්‍රරිශ්‍රයට ගෙන්වූ මොහොත...
ජනතා මුදල් ජනතා සේවයට