බඩගින්න ඉවසාගන්න බැරිව පොලිසියට දුවගෙන ආ පැටවුන්ට පොලිස් දෙවිවරු පිහිට වෙයි ! -PHOTOS- | Colombocall බඩගින්න ඉවසාගන්න බැරිව පොලිසියට දුවගෙන ආ පැටවුන්ට පොලිස් දෙවිවරු පිහිට වෙයි ! -PHOTOS- - Colombocall

Hot News

බඩගින්න ඉවසාගන්න බැරිව පොලිසියට දුවගෙන ආ පැටවුන්ට පොලිස් දෙවිවරු පිහිට වෙයි ! -PHOTOS-





පොතුවිල් ගම්මානයේ  දරැවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව  පවසමින් පොතුවිල් පොලීසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක්  වාර්තා වෙනවා.

ඊයේ (06) දහවල් පිරිමි ළමුන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරැවෙකු පැමිණ දින දෙකකින් ආහාර නොගත්  බව පවසා පොලිසියෙන් ආහාර ඉල්ලා තිබෙනවා.පසුව පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතා විසින් මෙම දරැවන්ට ආහාර ලබාදිමට කටයුතු කළා.

මෙම දරැවන් පිලිබදව පොලීසිය කරැණු සොයා බැලිමේදි මෙම දරැවන් තිදෙනාගේ පියා විදේශ ගතව ඇති අතර මව මෙම දරැවන්ට නොසලකන බව සොයාගෙන තිබෙනවා.

තම මවට වෙනත් පුද්ගලයෙක් ආහාර ගෙනත් දෙන බවත් තමන්ට එම ආහාර ලබා නොදෙන බවත් මෙම දරැවන් තිදෙනා පොලිසියට පවසා තිබෙනවා.ඉකුත් 05 වෙනි දින ආහාර ගැනිමෙන් පසුව පොලීසියට පැමිණෙන තුරැ කිසිම ආහාරයක් මෙම දරැවන් ලබාගෙන නැති අතර පොලිස් නිළධාරින් විසින් මෙම දරැවන්ට කඩිනමින් ආහාර ලබාදී තිබෙනවා.

මෙම දරැවන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරැවන් වන අතර ඔවුන් වයස අවුරුදු 14 සහ 13 වියෙහි පසුවෙති ගැහැණු දරැවා වයස අවුරුදු 07 කි.

පසුව පොතුවිල් පොලීසිය මගින් මෙම දරැවන් ගේ මව අත් අඩංගුවට ගෙන දරු තිදෙනා සමග පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර පොතුවිල් මහේස්ත්‍රාත් මොහමඩ් රාපී මහතා විසින් මව මෙම මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල අතර මෙම දරැවන් තිදෙනා ළමා ආරක්ෂණ අධිකාරියේ රැකවරණය යටතේ ඔවුන් ගේ මාමාට භාරදි තිබෙනවා.

මෙම මස 12 වෙනි දින මෙම දරැවන් නැවත දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.