අගමැතිවරයෙක් නොමැතිව "විධායක බලතල" සමඟ තනි ජනාධිපති නිසා මෛත්‍රී සතුටින් ! -PHOTOS- | Colombocall අගමැතිවරයෙක් නොමැතිව "විධායක බලතල" සමඟ තනි ජනාධිපති නිසා මෛත්‍රී සතුටින් ! -PHOTOS- - Colombocall

Hot News

අගමැතිවරයෙක් නොමැතිව "විධායක බලතල" සමඟ තනි ජනාධිපති නිසා මෛත්‍රී සතුටින් ! -PHOTOS-








ඊයේ (03) අභියාචනාධිකරණ තීන්දුවට පසුව ජනපති මහත් සතුටකින් පසු වන බව ආරංචිමාර්ග කියා සිටිනවා. රටේ අගමැතිවරයෙක් නොමැති වීම හේතුවෙන් සියළුම අමාත්‍යන්ශ වල වගකීම සහ ක්‍රියා කරවීමේ අයිතිය ජනාධිපතිවරයා සතු වීම ඊට හේතුවයි.

විධායක බලතල ඉදිරි සති දෙක ඇතුළත රිසි සේ  පාවිච්චි කිරීමට ජනාධිපතිවරයා මේ වන විටත් සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග කියා සිටිනවා.

ඉදිරි දින කිහිපයේදී  රට තුළ අන්දෝලනාත්මක වෙනස්කම් කිහිපයක් කිරීමට ජනාධිපතිවරයා මේ වන විටත් සැලසුම් කර ඇති අතර ඒ උදෙසා විශේෂ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

"2015 දී ලක්ෂ හැට දෙකක ජනවරමකින් ජනාධිපතිධූරයට පත් වුණු මෛත්‍රී එවකට කියා සිටියේ තමන් මෙම ධූර කාලය පමණක් සිටින බවත් ඉන් පසු වෙනත් අයකුට ඉඩ දෙන බවත් , නමුත් කල් යත්ම ජනාධිපතිධූරයේ වරප්‍රසාද භුක්ති විඳීමට ගත් පසු මෛත්‍රීගේ අදහස් ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගත්තා. දැන් එයාට ඕනෙ තනියම මේ රට පාලනය කරන්න.ඒ නිසා තමා එයා දැන් ඔය සතුටු වෙන්නේ"

යනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යයවරයකු කියා සිටියා.

මේ අතර ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙතෙක් කල් ගනු ලැබූ ඡායාරූපශිල්පියා පවා මාරු කර අළුත් අයෙක් ඒ සඳහා බඳවාගෙන ඇත්තේ මෙතෙක් කල් බිඳ වැටී තිබූ ජනාධිපති ප්‍රථිරූපය නැවත ගොඩනැඟීමට බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් කියා සිටිනවා.

එම නව ජායාරූප ශිල්පියා ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.

 එම ඡායාරූප කිහිපයක් පහළින් නරඹන්න.