කිසිදා මලනොකන ( සම්පූර්ණ ඇළුමිනියම්) අති නවීන දුම්රියක් කොළඹින් ලංකාවට ආපු හැටි මෙන්න ! -PHOTOS- | Colombocall කිසිදා මලනොකන ( සම්පූර්ණ ඇළුමිනියම්) අති නවීන දුම්රියක් කොළඹින් ලංකාවට ආපු හැටි මෙන්න ! -PHOTOS- - Colombocall

Hot News

කිසිදා මලනොකන ( සම්පූර්ණ ඇළුමිනියම්) අති නවීන දුම්රියක් කොළඹින් ලංකාවට ආපු හැටි මෙන්න ! -PHOTOS-








S 13 වර්ගයේ නවතම දුම්රියක් ලංකාවට ආනයණය කර ඇති අතර  එය ඊයේ (02) කොළඹ වරායෙන් මුදා හැර තිබෙනවා.

නවතම දුම්රියක් වන මෙය නවීන තාක්ෂණය ඉහළින්ම යොදා නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. සම්පූර්ණ ඇළුමිනියම් බඳක් සහිතව නිපදවා ඇති නිසා කිසි දිනක මලකඩ නොකන බවත් වාර්තා වෙනවා.

ආරන්චි මාර්ග කියන පරිදි මෙය බෙලිඅත්ත ප්‍රදේශයට හෝ උතුරේ ධාවනයට යොදා ගැනීමට නියමිතයි.

මෙහි ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ වීමත් සමඟ බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණේ මෙය රැක ගැනීමට සියළු දෙනාගේම සහයෝගය අවශ්‍ය බවයි. එනම් මෙය අපවිත්‍ර නොකර සීට් මත විවිධ බලි රූප නොඇඳ, දැන්වීම් ඇලවීමෙන් වැලකී මෙය තම්න්ගේ දෙයක් මෙන් රැක ගැනීම වඩා යහපත් බවයි.

එය සනාථ කරිමින් අපි ද ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙය ඉතා පරිස්සමින් රැක බලා ගමු යන්නයි.

මෙහි සියළු පින්තූර පහළින් නරඹන්න