ලංකාවේ සුරූපී කැම්පස් කෙල්ලෙක් ගණිකා වෘත්තියේ යෙදී මාට්ටු වුණු හැටි ! -PHOTOS- | Colombocall ලංකාවේ සුරූපී කැම්පස් කෙල්ලෙක් ගණිකා වෘත්තියේ යෙදී මාට්ටු වුණු හැටි ! -PHOTOS- - Colombocall

Hot News

ලංකාවේ සුරූපී කැම්පස් කෙල්ලෙක් ගණිකා වෘත්තියේ යෙදී මාට්ටු වුණු හැටි ! -PHOTOS-







පසුගියදා කොල්ලූපිටිය, ක්ලිෆර්ඞ් පටුමෙඟ් නිවසක චීන ජාතික යුවළක් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්වූ පුවතක් වාර්තා වෙනවා.

මෙම චීන ජාතික යුවළ කොල්ලූපිටිය ක්ලිෆර්ඞ් මාවතේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගිය සුපිරි දෙමහල් නිවස රුපියල් ලක්ෂ දෙකක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති අතර එය ධනවත් පුද්ගලයන්ම ඉලක්ක කර පවත්වා ගෙන ගොස් තිබෙනවා.

විවිධ රටවල සුරූපී කාන්තාවන් එහි සේවයේ නියැලි සිටි බවයි හෙළි වී ඇත්තේ.

කොල්ලූපිටිය පොලිසියට ලැබුණු ඔත්තුවක් මත වහා ක්‍රියාත්මක වූ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අදාළ ගණිකා නිවාසය වටලන අවස්ථාවේ එහි වියට්නාම් ජාතික කාන්තාවන් සමඟ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන තරුණියක් සිට ඇති අතර ව්‍යාපාරය පවත්වාගෙන ගිය චීන ජාතික පුද්ගලයා එහි නොසිටි බැවින් වියට්නාම් ජාතික කාන්තාව හා චීන ජාතික කාන්තාව සමඟ අදාළ විශ්වවිද්‍යාල සිසුවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වියට්නාම් කත මීට මාස තුනකට පෙර සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර ගණිකා ව්‍යාපාරයේ හිමිකරුවන් මේ ආකාරයට දිගින් දිගටම විදේශීය කාන්තාවන් ගණිකා සේවය සඳහා මෙරටට ගෙන්වා අදාළ ජාවාරම බොහෝ ජයට සිදු කරගෙන යන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

ගණිකා ඇසුර පතා එන්නන්ට රුපියල් පන්දහසේ සිට ඉහළ මිලකට කාන්තාවන් විකුණා ඇති අදාළ චීන ජාතික යුවළ මේ හරහා මාසිකව ඉතා විශාල මුදලක් උපයා ඇති බවද කියවේ.


මේ අතර මෙසේ  ගණිකා වෘත්තියේ නියැලුණු බවට කියන චීන තරුණිය ගේ සහ ලංකාවේ විශ්වවිද්‍යාල තරුණියගේ බවට කියන  ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර ඇතැමුන් කියා සිටින්නේ ඒවා එම තරුණියන්ගේ නොවන බවයි.