රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දෙයි. මෛත්‍රී ඉල්ලා අස් වෙයි ! -PHOTOS- | Colombocall රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දෙයි. මෛත්‍රී ඉල්ලා අස් වෙයි ! -PHOTOS- - Colombocall

Hot News

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දෙයි. මෛත්‍රී ඉල්ලා අස් වෙයි ! -PHOTOS-










රනිල් වික්‍රමසිංහ  මහතා අද (16) පෙරවරු 11.16ට එළැඹි සුබ මොහොතින් නව අග්‍රාමාත්‍ය ලෙස ධුරයේ දිවුරුම් දීම සිදු කර තිබෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රනිල් වික්‍රමසිංහ  මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන පස් වන අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.


මෙසේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස් වනු ඇතැයි බොහෝ දෙනෙක් කියා සිටිනවා.
ඊට හේතුව වී ඇත්තේ මෛත්‍රී ජනපති මීට ටික කළකට පෙර කියූ ප්‍රකාශයක් බවයි වාර්තා වෙන්නේ.

එනම් නැවත රනිල් අගමැති වුනොත් " මම පැයක්වත් ජනාධිපති පුටුවේ ඉන්නේ නෑ" යන ප්‍රකාශයයි.

 බොහෝ දුරට මෙම ප්‍රකාශය නිසා මෛත්‍රී ජනපති ඉදිරි පැය කිහිපය ඇතුළත ඉල්ලා අස් වනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා.