රනිල් නැවතත් අගමැති ලෙස දිවුරුම් දෙයි ! -PHOTOS- | Colombocall රනිල් නැවතත් අගමැති ලෙස දිවුරුම් දෙයි ! -PHOTOS- - Colombocall

Hot News

රනිල් නැවතත් අගමැති ලෙස දිවුරුම් දෙයි ! -PHOTOS-








අද(14) හවස   රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ධූරයේ දිව්රුම් දෙනු ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග කියා සිටිනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාව ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අතර එය රටේ අතිවිශාල අර්බුද ගණනාවක් ඇති කිරීමට මුලික වුණා.

ඉන් නොනැවතුණු ජනපතිවරයා සියල්ලන් විමතියට පත් කරමින් පාර්ලිමේන්තුවද විසුරුවා හරිණු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය පෙන්වීම සඳහා ප්‍රමාණවත් ආසන ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි වූ නිසාවෙන්.

ජනපතිගේ එම තීරණයට එරෙහිව දේශපාලන කණ්ඩායම් හා ජන කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූ අතර ඊයේ එම නඩු විභාගයේ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ ජනපතිවරයාගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි.

ඒ අනුව ජනපතිවරයාට තම තීරණය ආපසු හැරවීමට සිදු වූ අතර දැන් ඔහුට නව අග්‍රාමාත්‍යවරයෙකු හා ආණ්ඩුවක් පත්කර ගැනීමට සිදුව තිබෙනවා.

ඒ සඳහා ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් පහ කරන ලද එක්සත් ජාතික පෙරමුණේ රනිල් වික්‍රමසිංහ මහතාව අකමැත්තෙන් වුව නැවත වතාවක් අගමැති ධූරය සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ධූරයේ දිව්රුම් දෙනු ඇති.

මීට පෙර රනිල් තම බිරිඳ  මෛත්‍රී සමඟ ගත් පින්තූර කිහිපයක් සහ මෛත්‍රී ජනපති යටතේ අගමැතිධූරයේ දිවුරුම් දුන් පින්තූර කිහිපයක් පහළින් නරඹන්න