රණවිරු දෙවිවරු උතුරේ ජනතාව බේරා ගන්න හැටි ! -PHOTOS- (EXCLUSIVE) | Colombocall රණවිරු දෙවිවරු උතුරේ ජනතාව බේරා ගන්න හැටි ! -PHOTOS- (EXCLUSIVE) - Colombocall

Hot News

රණවිරු දෙවිවරු උතුරේ ජනතාව බේරා ගන්න හැටි ! -PHOTOS- (EXCLUSIVE)





මේ වනවිට උතුරට බලපා තිබෙන ගංවතුර ආපදා තත්වය හේතුවෙන් කිලිනොච්චි, මුලතිවු ඇතුලු උතුරේ ජනතාව දැඩි ලෙස අසරණ වී සිටියි. කෙසේ වෙතත් ගංවතුර උවදුර ඇතිවු මොහොතේ සිට උතුරේ රණවිරුවන් ජනතාව බේරා ගනිමින් ඔවුන් සුරක්ෂිත කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ.

ගංවතුරට හසුවූ ජනතාව බේරා ගනිමින්ද, ඒ ජනතාවට අවශ්‍ය ආහාර පාන, නවාතැන් පහසුකම් ඇතුලු සියලූම පහසුකම් ලබා දෙමින් සිටින්නේ රණවිරුවන් විසිනි. ඇතැම් රණවිරුවන් නිරාහාරව දින ගණනක් තිස්සේ අවතැන් වූ ජනතාව බේරා ගනිමින් සිටින බවද සදහන්.

සිය බත් පත පවා අවතැන් වූ ජනතාවට ලබා දෙමින් ඔවුන් ආරක්ෂා කිරීමට රණවිරුවන් කටයුතු කරමින් සිටීම සැමගේම ගෞරවයට ලක් විය යුත්තකි.

කෙසේ වෙතත් උතුරෙන් රණවිරුවන් ඉවත් කිරීමට උත්සාහ කළ සම්බන්ධන්, සුමන්දිරන් ඇතුලු දෙමළ දේශපාලකයන් තවමත් මෙම අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වී නැති අතර ඔවුන් වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා කැපවී සිටින්නේ මානුෂීය ගුණයෙන් අනූන රණවිරුවන් පමණකි.