දකුණේ තවත් වෙඩි තැබීමකින් සිවු දෙනෙකුට මරු කැඳවයි | Colombocall දකුණේ තවත් වෙඩි තැබීමකින් සිවු දෙනෙකුට මරු කැඳවයි - Colombocall

Hot News

දකුණේ තවත් වෙඩි තැබීමකින් සිවු දෙනෙකුට මරු කැඳවයි





තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද උදෑසන 7.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තැබීමක් සිදු කොට තිබෙන බවයි වාර්තාවන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙලෙස සිදු කල වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූවන් අවට රෝහල් වෙත යොමු කළ අතර, එහිදී පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගෙන්ද එක් තුවාල කරුවෙකු අසාද්‍ය තත්ත්වයේන් පසු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.

මෙම වෙඩි තැබිමට ධීවරයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් බව වාර්තාවනවා.