පාර්ලිමේන්තුව තුල පිපිරීමක් | Colombocall පාර්ලිමේන්තුව තුල පිපිරීමක් - Colombocall

Hot News

පාර්ලිමේන්තුව තුල පිපිරීමක්





පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භොජනාගරය ආසන්නයේ මුළුතැන්ගෙය තුළ පිපිරීමක් සිදුවී තිබෙනවා.

අද(17) දහවල් කාලයේ මෙලෙස පිපිරීම ඇතිවී තිබෙන බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

මන්ත්‍රී භොජනාගරය ආසන්නයේ මුළුතැන්ගෙය තුළ සිටින කැරපොත්තන් සහ ගුල්ලන් ඉවත් කිරීම සඳහා ගෙන එන ලද රසායන ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තිබු ස්ථානයේ එක් පැකැට්ටුවක් මෙසේ පුපුරා ගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පිපිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කිසිඳු දේපලකට හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට රජයේ රස පරික්ෂක දෙපාර්මේන්තුව සහ පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.