ඓතිහාසික තීන්දුවට සියල්ල සූදානම් ! වැඩි වාසිය ගැන හෝඩුවාවක් ! | Colombocall ඓතිහාසික තීන්දුවට සියල්ල සූදානම් ! වැඩි වාසිය ගැන හෝඩුවාවක් ! - Colombocall

Hot News

ඓතිහාසික තීන්දුවට සියල්ල සූදානම් ! වැඩි වාසිය ගැන හෝඩුවාවක් !





ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපතිවරණයක් කැදවීමට විරුද්ධව අධිකරණයේ පනවා ඇති නඩු සදහා වන තීන්දුව අද දිනයේ ලබා දීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 04.00ට එම තින්දුව ලබා දෙනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා කියා සිටිනවා.

මේ වන  විටත් උපරිමාධිකරණ පරිශ්‍රය වෙත විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇති අතර එය පස්වරුව වන විට දැඩි කරනු ඇති බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් බොහෝ දෙනෙක් කියා සිටින්නේ පසුගිය ඔක්තෝබර් 26 වනදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය නිසා මුළු මහත් ලංකාවම අස්ථාවරත්වට පත් වූ බවත් අද (13) ලබා දෙන තීරණය ලංකාවේ ඉදිරි අනාගතය ස්ථාවර කිරීමට දැඩි ලෙස බලපාන බවත් ය.


කෙසේ නමුත් මෙම නඩුවේ වැඩි වාසියක් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බව කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් කියා සිටියා. ඔහු එසේ කියා සිටියේ මෙතෙක් අධිකරණයෙන් ලැබුණු තීන්දු නිසා ප්‍රීතියට පත් යූ.එන්.පී ජනතාවට අද(13) ලබා දෙන තීන්දුව ඔවුන්ට අවාසිදායක වුවහොත් අධිකරණය ස්වාධීන නැතැයි ඔවුන්ට කීමට අවස්ථාවක් නොමැති වීම ඊට හේතුව ලෙසයි.

කෙසේ වෙතත් මුළු මහත් රටම බලා සිටින්නේ සවස 04.00 ට අධිකරණ තීන්දුව කුමක් දැයි දැනගැනීමේ කුතුහළයෙන් බවයි පෙනී යන්නේ.