"රනිල්" ට සහය දැක්වීමට ශ්‍රී.ල.නි.ප පිරිසක් සහතික වෙයි ! බැසිල්ගේ එකඟතාවය මෙන්න | Colombocall "රනිල්" ට සහය දැක්වීමට ශ්‍රී.ල.නි.ප පිරිසක් සහතික වෙයි ! බැසිල්ගේ එකඟතාවය මෙන්න - Colombocall

Hot News

"රනිල්" ට සහය දැක්වීමට ශ්‍රී.ල.නි.ප පිරිසක් සහතික වෙයි ! බැසිල්ගේ එකඟතාවය මෙන්න








රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව අගමැතිධුරය සඳහා නම් කළ යුතු බවට එජාපය අද (12) දින පාර්ලිමේන්තුව හමුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන යෝජනාවට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක සහය ලබා දෙන බව ඊයේ රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහතික වී තිබෙනවා.

එම කණ්ඩායම ඊයේ සවස ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ හමුවී ඇති අතර තමන්ගේ තීරණය ඔවුන්ටද දැනුම් දී ඇති බව දැන ගැනීමට ලැබෙනවා.

එම හමුවෙන් පසුව ඔවුන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනකු රාත්‍රියේදී හමුවී ඇති අතර මෙම එකමුතුව ඉදිරි මැතිවරණ සඳහා වන වන සංධානයක් දක්වා පුලුල් කිරීමට ද  සාකච්ඡා වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ අතර විපක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තමන් සූදානම් බව පොහොට්‍ටු පක්ෂයෙ නායකයක් හමුවේ මහින්ද රාජපක්ෂ දැනුම් දී තිබෙනවා. එහෙත් එම තීරණයට විමල් වීරවංශ සහ තිලංග සුමතිපාල දැඩිව විරුද්ධ වී ඇති නමුත් බැසිල් රාජපක්ෂ පෙන්වා දී ඇත්තේ මහින්දගේ තීරණය නිවැරදි බවයි.

රට මේ වෙන කොට වැටී තිබෙන අර්බුදය හමුවේ තමන්ට එය පවත්වාගෙන යැම අසීරු බවත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට එම තත්වය හේතු විය හැකි බව ඔහු පෙනවා දී තිබෙනවා.

ඒ අනුව 2020 මහ මැතිවරණය ජය ගැනීම කෙසේවත් කළ හැකි නොවන බවද ඔහු පෙන්වා ඇති බව වාර්තා වෙනවා.