රටම බලාසිටි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න ! | Colombocall රටම බලාසිටි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න ! - Colombocall

Hot News

රටම බලාසිටි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න !












පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් පත්‍රය නවත්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වැනිදා දක්වාම තව දුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

 පෙත්සම් විභාගය අද දිනයේදී තව දුරටත් පැවැත්වෙන බැවින් අතුරු තහනම් නියෝගය ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කරන බවයි අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල එහිදී දෙපාර්ශ්වයේ නීතිඥයන්ට ප්‍රකාශ කළේ.

මේ වන විට අධිකරණ සංකීර්ණය ආසන්නයේ දෙස් විදෙස් විශාල මාධ්‍යවේදීන් පිරිසක් රැඳී සිටින බවත් වාර්තා වෙනවා.