පිලිපීනයේ ප්‍රභල භූ කම්පනයක් ! ලංකාවට සුනාමි තත්වයක් ! | Colombocall පිලිපීනයේ ප්‍රභල භූ කම්පනයක් ! ලංකාවට සුනාමි තත්වයක් ! - Colombocall

Hot News

පිලිපීනයේ ප්‍රභල භූ කම්පනයක් ! ලංකාවට සුනාමි තත්වයක් !










පිලිපීනයේ මින්දනාවෝ දුපත් ආසන්න මුහුදු කළාපයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.

පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධයස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම භුකම්පාව හේතුවෙන් පිලිපිනය, ඉන්දුනීසියාව සහ පාලු දුපත් හි වෙරළ කළාපයට සුනාමි අවධානමක් ඇතිවිය හැකි බවයි.

 ඒ හේතුවෙන් වෙරළ කළාපය ආශ්‍රිත ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කෙසේ වුවත් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එහි ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පිලිපීනයේ මෙම තත්වය නිසා ලංකාවට සුනාමි අවධානමක්  ඇති වේවි යැයි ඇතැමුන් කියා සිටියත් එය එසේ සිදු නොවෙන බවද සඳහන් වෙනවා