රූමතියගේ නිරුවත් රූප අන්තර්ජාලයට දමනවා යැයි බිය වද්දා සල්ලි ගරාගත් ප්‍රසිද්ධ නිවේදකයා මෙන්න | Colombocall රූමතියගේ නිරුවත් රූප අන්තර්ජාලයට දමනවා යැයි බිය වද්දා සල්ලි ගරාගත් ප්‍රසිද්ධ නිවේදකයා මෙන්න - Colombocall

Hot News

රූමතියගේ නිරුවත් රූප අන්තර්ජාලයට දමනවා යැයි බිය වද්දා සල්ලි ගරාගත් ප්‍රසිද්ධ නිවේදකයා මෙන්න










 ගණකාධිකාරිවරියක ලෙස රැකියාවේ නිරත රූමත් කාන්තාවක හා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් ඇගෙන් වරින් වර ලක්ෂ 18කට අධික මුදලක් ලබාගත් බව කියන විද්‍යුත් නාලිකාවක ප්‍රසිද්ධ නිවේදකයෙක්, එම සම්බන්ධතාව කැඩී යාමෙන් පසු එම මුදල් ආපසු ලාබදීම ප්‍රතික්ෂේප කිරිම නිසා ඔහුව  (27) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
තමාගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සළසා අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු තමාට තර්ජන කරන බවද කැනේඩියානු ගණාකාධිකාරිවරිය පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.
තමාගේ මුදල් ආපසු ඉල්ලා සිටින විට මෙසේ තර්ජනය කරමින් ඔහු මුදල් නොගෙවා මගහැර සිටින බවද ඇය පොලීසිය හමුවේ සඳහන් කර ඇත.
ගණකාධිකාරිවරිය හා මෙම නිවේදකයා අතර  ප්‍රේම සම්බන්ධය මුහුණු පොත ඔස්සේ මීට වසර 4 පෙර ආරම්භ වී තිබේ.
තිස් හත් හැවිරිදි ගණකාධිකාරිවරිය පළමු විවාහයෙන් දික්කසාද වී සිටින එක්දරු මවක් වන අතර, නිවේදකයාද තිස්පස් වන වියේ පසුවන විවාහකයෙකු බව පොලීසිය කියයි.