මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසියි ! චන්ද්‍රිකා කට අරී | Colombocall මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසියි ! චන්ද්‍රිකා කට අරී - Colombocall

Hot News

මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසියි ! චන්ද්‍රිකා කට අරී











හිටපු ජනපති මහින්ද රාජපක්ශ ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රි ධුරය පමනක් නොව ප්‍රජා අයිතිය පවා අහෝසි කල යුතු බවත් තවද මෛත්‍රීපාල සිරිසේන මහාතා විසින් භාරකාර ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරි ධුරකාලය තුල එජාපෙ ආන්ඩුව සමග පාලන කටයුතු සිදුකල යුතු බව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය පවසයි.

එතුමිය මෙ බව පැවසුවෙ (26) අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත් එම අවස්ථාව වෙත පැමිණ සිටි බහුතරයක් ජනතාවගේ මතය වී තිබුණේ මහින්ද රාජපක්ෂ දැන් නිදහසේ විශ්‍රාම සුවයෙන් සිටිය යුතු බවත් මහින්ද රාජපක්ෂට මුවාවී දේශපාලනයෙන් ගොඩ ඒමට දඟලන  පිරිසගෙන් ඈත් විය යුතු බවත් ය.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්දයෙන් ඔවුන් එතරම් පැහැදීමක් නැති බවත් ඔවුන් කියා සිටියා