උතුරේ පවුල් තවමත් අවතැන් | Colombocall උතුරේ පවුල් තවමත් අවතැන් - Colombocall

Hot News

උතුරේ පවුල් තවමත් අවතැන්





උතුරු පළාතට වර්ෂාව නිසා සිදුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් පවුල් 29,119 කට අයත් පුද්ගලයින් 91,762 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවට වාර්තාවනවා.

යාපනය,කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක 5 ටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස උතුරේ දෛනික ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව පවුල් 29,119කට අයත් පුද්ගලයින් 91,762 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර, පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම තත්වයේ දී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය වන අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 8282කට අයත් පුද්ගලයින් 26,815ක් දෙනෙකු මේ වන විට අවතැන් කඳවුරු 12 ක රඳවා සිටින බවයි ආරංචිමාර්ග කියා සිටින්නේ.