ලංකාවේ දෙවන විශාලතම "හෙරොයින්" තොගය බේරුවලින් ! වටිනාකම බිලියන දෙකකට අධිකයි | Colombocall ලංකාවේ දෙවන විශාලතම "හෙරොයින්" තොගය බේරුවලින් ! වටිනාකම බිලියන දෙකකට අධිකයි - Colombocall

Hot News

ලංකාවේ දෙවන විශාලතම "හෙරොයින්" තොගය බේරුවලින් ! වටිනාකම බිලියන දෙකකට අධිකයි





රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231 සමඟ පුද්ගලයින් දෙදෙනකු බේරුවලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ සහය ඇතිව  බලපිටිය සහ බේරුවල අතර මුහුදු තීරයේදී ඊයේ(05) රාත්‍රී සිදු කළ වැටලීමකින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 2778 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231 ග්‍රෑම් 54  ක් සොයාගෙන තිබෙනවා.

මෙය මෙරටින් සොයාගත් දෙවන් විශාලතම හෙරොයින් තොගය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මෙලෙස අත් අඩංගුවට ගත් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි 34 සහ 38 වයසේ පසුවන  අය බව පොලිසිය කියා සිටිනවා. ඒ අතරම මෙම සිද්ධිය සම්බන්ඳයෙන් වැඩි දුර විමර්ශනයක් සිදු කරන බවද ඔවුන් කියා සිටිනවා.