මාව දාලා ඇමතිකම් වෙනුවෙන් යූ.එන්.පි වෙත ගියොත් ඇමතිකම් වලට මං අත්සන් කරන් නෑ ! ජනාධිපතිගේ සැර ප්‍රකාශය | Colombocall මාව දාලා ඇමතිකම් වෙනුවෙන් යූ.එන්.පි වෙත ගියොත් ඇමතිකම් වලට මං අත්සන් කරන් නෑ ! ජනාධිපතිගේ සැර ප්‍රකාශය - Colombocall

Hot News

මාව දාලා ඇමතිකම් වෙනුවෙන් යූ.එන්.පි වෙත ගියොත් ඇමතිකම් වලට මං අත්සන් කරන් නෑ ! ජනාධිපතිගේ සැර ප්‍රකාශය










ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව හා එක්නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

කවුරුන් හෝ ඇමති ධූර සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබුණොත් තමන් ඔවුන්ගේ ඇමතිධූර සඳහා අත්සන් නොකරන බවද මෛත්‍රී ජනාධිපතිවරයා කියා තිබෙනවා.

 ඊයේ (17) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වුනේ.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර නොගන්නා බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එකතු කර ගැනීමට එජාපෙ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.