රනිල් නැවතත් අගමැති තනතුරට ! ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ! | Colombocall රනිල් නැවතත් අගමැති තනතුරට ! ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ! - Colombocall

Hot News

රනිල් නැවතත් අගමැති තනතුරට ! ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය !






හෙට(13) ලබාදෙන ශේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ යම් යම් මත පළවීම් මේ දින වල සමාජ මාධ්‍ය තුල දැකගන්නට හැකි වූ අතර බොහෝ දෙනකුගේ මතය වී තිබුනේ මෛත්‍රීපාල රට අඳුරු යුගයකට ගෙනයමින් සිටින බවත් අධිකරණය ලබා දෙන අපක්ෂපාතී තීරණය රටේ ඉදිරි ගමන සඳහා ඍජුව බලපාන බවත් ය.

කෙසේ වෙතත්   විශ්වාස කටයුතු ආරංචි මාර්ග දක්වා තිබෙන්නේ  හෙට (13)  ලබා දෙන තීන්දුවට පසු අනිවාර්යයෙන්ම රනිල් නැවත අගමැති වෙන බවත්  මෛත්‍රී සහ මහින්ද පාර්ශවයට කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට නොහැකි වූ නිසා රනිල් නැවත බලයට පැමිණීම වැළැක්වීමට ඔවුන්ට කිසිදු සාධනීය   හැකියාවක් නොමැති බවත් ය.

අධිකරණ තීන්දුව ලැබුන පසු රාජ්‍ය ආයතන බලෙන් අත්පත් කරගෙන සිටි පුද්ගලයන්ට දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බවත්  ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටිනවා.

රාජිත සේනාරත්න කියා සිටින්නේ ජනාධිපති  මේ වන විටත් ව්‍යවස්ථාව කඩ කර ඇති නිසා අනිවාර්යයෙන්ම වසර 20 ක් සිර බත් කෑමට මෛත්‍රීට සිදුවන බවයි.

මෛත්‍රී සිදු කළ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව නිසා මහින්දට තිබූ ඡන්ද පදනම දරුණු ලෙස ඔහුගෙන් ඉවත් ගිය බව සමාජ මාධ්‍ය පරිශීලකයෙක් කියා සිටියා.වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෛත්‍රී සිදුකළේ "කරඬුවක් මහින්දගේ හිස මත තබා සරම කඩා දැමීමක් " බවයි.

ඒ අග්‍රාමාත්‍ය බලය මහින්ද වෙත ලබා දුන්න ද පාර්ලිමේන්තු බහුතරය ඔහු වෙත නොතිබෙන නිසා කියූ කතාවක් ලෙස ඔහු තවදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් හෙට දින අධිකරණ තීන්දුව එන තුරු බොහෝ දෙනෙක් බලා සිටින්නේ රට මෙලෙස පත්ව ඇති අස්ථාවරභාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් බව සිතන්නට හැකියාව තිබෙනවා.