විජයදාස රාජපක්ෂ හොරු රැකපු හැටි අජිත් හෙළි කරයි ! නියත ජනපති සජිත් පමණයි ! | Colombocall විජයදාස රාජපක්ෂ හොරු රැකපු හැටි අජිත් හෙළි කරයි ! නියත ජනපති සජිත් පමණයි ! - Colombocall

Hot News

විජයදාස රාජපක්ෂ හොරු රැකපු හැටි අජිත් හෙළි කරයි ! නියත ජනපති සජිත් පමණයි !









"මේ ප්‍රදේශය වෙනුවෙන් එදා අති විශාල සේවයක් කරපු විරසිංහ මල්ලිමආරච්චි මැතිතුමා සිහිකිරීම සලකා එතුමාගේ පිළිරුවක් විවෘත කරන සුවිශේෂි දිනය අද. වැදගත්කම තවත් වටින්නේ අපේ පක්ෂයේ අදරණීය නියෝජ්‍ය නායක ඒ වගේම
තව මාස ගාණකින් මේ රටේ ජනාධිපතිධූරටය පත්වන "සජිත් ප්‍රේමදාස" මැතිතුමා මේ පිළිරුව විවෟත කරන එකෙන් ඒකේ වටිනාකම තවත් වැඩි වෙනවා.

මිත්‍රවරුණි ඇත්ත කතාව තමයි අපේ රටේ පොලීසියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවත්. විශේෂ මුල්‍ය අපරාධ ඒකකයත්, පහුගිය රජයේ ප්‍රධාන පුද්ගලයන්ට විරුද්ධව පරීක්ෂණ 120කට එහා කරලා එයින් එක නඩුවයි ඉවර කරගන්න පුළුවන් වුණේ. ඒ විරතුංගගේ සුදු රෙදි නඩුව. අපි විජේදාස රාජපක්ෂව එළෙව්වා. එයා තමයි අවුරු දෙකහමාරක් මේවා ප්‍රමාද කළේ. අපේ මිනිහ උනාට එයා තමයි නඩු ප්‍රමාද කළේ. දැන් වෙලාවට එයාගේ රෙදි ගැළවුණා "

යැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

එතුමා මේ බව පැවසුවේ කොළොන්නාව විරසිංහ මල්ලිමආරච්චි මැතිතුමාගේ පිළිරුව විවෟත කිරීමේ අවස්ථාවෙන් පසු පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් පිරිසක් අමතමින්.