මහින්දගේ ආරක්ෂාවත් ඉවතට ! | Colombocall මහින්දගේ ආරක්ෂාවත් ඉවතට ! - Colombocall

Hot News

මහින්දගේ ආරක්ෂාවත් ඉවතට !




කැබිනට් මණ්ඩලය අත්හිටවමින් අභියාචනාධිකරණය විසින් දුන් අතුරු තහනම් නියෝගයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා නොවීම හේතුවෙන් ඔහුට ලබා දුන් අමතර ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අද(04) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.

මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙන් නිසාවෙන් ඔහුගේ ආරක්ෂාව සම්පුර්ණයෙන් ඉවත් කිරීමට ඉල්ලීම් නොකරන බවත් අග්‍රාමත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ලබාදුන් අමතර ආරක්ෂාව ඉවත් කරන ලෙසයි මෙහිදී ඒ මහතා ඉල්ලීම් කර සිටියේ.

ඔක්තොම්බර් 26 වනදායින් පසු නව අගමැතිවරයෙක් පත්වීමේන් අනතුරුව පොලිස්පතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ සිට මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයට, පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වී පසුගිය ඊනියා ආණ්ඩුවේ ඇමති වරුන්ගේද ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.