මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවතට | Colombocall මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවතට - Colombocall

Hot News

මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවතට





නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට පිටියෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.

මාසයක කාලයක් මෙසේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට වෛද්‍යවරුන් නියම කර ඇති බවයි වාර්තාවන්නේ.

එමනිසා නවසීලන්ත සංචාරයේ ඉදිරි තරග ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

පැවති දෙවන ටෙස්ට් තරඟය අතරතුර පාදයේ ආබාධයට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබුවා. කලවා ප්‍රදේශයේ හටගනු ලැබුණු මෙම ආබාධය කලක් තිස්සේ පැවතීම හේතු කොටගෙන මැතිව්ස් හට  පසුගිය වසර දෙකක කාලයක් තුළ තරඟාවලි කිහිපයක්ද අහිමි වූවා.

කෙසේ වෙතත් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයන් පවසා සිටියේ මැතිව්ස්ගේ මෙම ආබාධය හේතුවෙන් ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි තරඟ ජයග්‍රහණයට විශාල පාඩුවක් බවයි.