ගෙවුණු වසරේ වදකාරී මතකයන් පහකොට එළබෙන නව වසර සෞභාග්‍යමත් කිරීමට ක්‍රම කිහිපයක් | Colombocall ගෙවුණු වසරේ වදකාරී මතකයන් පහකොට එළබෙන නව වසර සෞභාග්‍යමත් කිරීමට ක්‍රම කිහිපයක් - Colombocall

Hot News

ගෙවුණු වසරේ වදකාරී මතකයන් පහකොට එළබෙන නව වසර සෞභාග්‍යමත් කිරීමට ක්‍රම කිහිපයක්




මිනිස් වර්ගයාගේ මතක ශක්තියට සීමා තිබේ නම්, අප තවමත් එම සීමාවන් ආසන්නයට හෝ පැමිණ නැත.

මතක ශක්තිය පිළිබඳ ශාරීරික සීමා තිබිය හැකි වුවත්, දිවිය පුරාවට අපේ මතකය නැතිවී යාමේ අවදානමක් නොමැති බව මනෝවෛද්‍යවරුන් සහ මනෝ විද්‍යාඥයන් පවසති.

"එය ඉතාම හොඳ දෙයක්. නමුත් ඇයි මට දේවල් අමතක වෙන්නේ?," ඔබ පවසනවා අපට ඇසී තිබේ.

නොයෙකුත් සිද්ධි ඔබේ මනසින් ඉවත් කිරීම අඩු වීම මෙයට පිළිතුර වන්නට පුළුවන.

අඩුවෙන් මතකයේ රඳවා ගැනීමෙන් වැඩි වාසි ලැබේ.

අපි ආරම්භය දෙස බලමු.

යමක් මතකයේ රඳවා ගැනීමේ අදියර තුනක් ඇත:

* උකහා ගැනීම

* ගබඩා කිරීම

* නැවත ආවර්ජනය කිරීම (විද්‍යාත්මක නම් නොවේ)

"යම් පුද්ගලයෙක් සිය මතක ශක්තිය ගැන පැමිණිලි කරන්නේ නම්, ඔහු අනිවාර්යයෙන්ම උපකල්පනය කරනවා ඔහුට බොහෝ තොරතුරු මතකයේ ගබඩා කරගැනීමේ හැකියාවක් නැහැ කියලා," කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය රොබර්ට් ඒ බජෝක් පැවසීය.

"අවශ්‍ය ප්‍රමාණයට, නැත්නම් අවශ්‍ය ආකාරයට පහුගිය දේවල් අමතක නොකරන එක මෙයට සම්පූර්ණ හෝ එක් හේතුවක් වෙන්න පුළුවන් ," යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

මෙය ගවේෂකයන් අතර වේගයෙන් ජනප්‍රිය වන න්‍යායක් බවට පත්ව තිබේ.

බොහෝ ලෙස අවුල් වී ඇති ඔබේ කාමරයක යමක් සෙවීමට උත්සහ කරනවා වැනි අවස්ථාවකට මෙය සමාන කළ හැකිය.

ඔබේ මනස පිරිසුදු කරගන්න

අප බොහෝ දේ මතකයේ රඳවා ගැනීමට උත්සහ කරන විට, එම මතකයන් සියල්ල එකිනෙකට විරුද්ධ ආකාරයෙන් අප මනසේ තැන්පත් වීමට ඉඩ ඇත.

අනවශ්‍ය පරණ තොරතුරුවලින් මනස පුරවා ගත් විට අපට අවශ්‍ය තොරතුරු භාවිත කර අදහස් නිර්මාණය කිරීමට දැඩි බාධා එල්ල වේ. යම් තීරණයක් ගැනීමේ දී මෙම තත්වය දැඩි ලෙස බලපෑ හැකිය.

යම් දේවල් අමතක කිරීම නියමාකාරයෙන් ගොඩනැගුණු ක්‍රමවේදයක් වන අතර, එයින් හැඟී යන්නේ මතකයේ තබා ගැනීමට අසමත් වීම නොවේ යැයි ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්ලේක් රිචර්ඩ්ස් සහ ගවේෂක පෝල් ෆ්‍රෑන්ක්ලෑන්ඩ් පවසති.

මතක ශක්තියේ අරමුණ විය යුත්තේ, "අනවශ්‍ය දේ ඉවත් කර, අවශ්‍ය දේ පමණක් මතකයේ තබාගෙන, බුද්ධිමත් තීරණ ගැනීම වැඩි දියුණු කර ගැනීමයි."


අමතක කරන්න පුරුදුවීම

"හැමදේම හොඳින් සිදුවෙනවා," ලෙස පවසන අතරම, "මම කොහොමද මේ දේවල් අමතක කරන්නේ?" යනුවෙන් ඔබ නැවත සිතනවා නොඅනුමානය.

එම තත්වය මඟහැර ගැනීමේ ක්‍රම පහත දක්වා ඇත:

පළමු ක්‍රමය: ඔබේ පැරණි මතක නැවත සිහිගැන්වීමෙන් වළකින්න

යම් දෙයක් නිතර සිහිගැන්වීමට තැත් කිරීම වනාන්තරයක ඇති අඩි පාරක් ඔස්සේ ඇවිද යෑම හා සමානය. ඉදිරියට තබන සෑම පියවරකින්ම එවැනි මාර්ගයකට ලැබෙන ප්‍රමුඛත්වය වැඩි වනු ඇත.

එසේම, මනසේ යම් දෙයක් රඳවා තබා ගැනීමට උත්සහ කිරීමේ දී එම මතකය සහ මොළයේ ස්නායු අතර සම්බන්ධය ශක්තිමත් වන අතර, එය ඔබට ඉතා වැදගත් යමක් ලෙස මොළයට සංඥාවක් නිකුත් වේ.

දෙවෙනි ක්‍රමය: පුහුණුවෙන්න!

සිය මතකයන් අවශ්‍ය ආකාරයෙන් පුහුණු කරගැනීමට හෝ දමනය කරගැනීමේ හැකියාව ඔබ සතුය.

අදාළ මතකයන්වල යම් තොරතුරු ක්‍රියාශීලීව යටපත් කිරීම තුළින් අනවශ්‍ය මතක සීමා කළ හැකි බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් ඇන්ඩර්සන් සිදු කළ ගවේෂණයකින් හෙළි විය.

යටපත් කළ මතකයන් නැවත සිහිපත් වීමේ අවදානමක් ඇති බව ආචාර්ය ෆ්‍රොයිඩ් මේ අතර තර්ක කරයි.

නමුත්, මහාචාර්ය මයිකල් ඇන්ඩර්සන් පවසන්නේ පුද්ගලයෙකුගේ හැඟීම් සහ සිතුවිලි කෙටි කලකට හෝ පාලනය කරගැනීමට මෙය ඉතා වැදගත් ක්‍රමයක් වන බවය.

තෙවෙන ක්‍රමය: හෘදයේ නිරෝගී බව රැකගැනීම සඳහා ශාරීරික අභ්‍යාසවල නිරතවීම

මහාචාර්ය බ්ලේක් රිචර්ඩ්ස් මෙම තත්වය ගැන පරීක්ෂණ පැවැත්වූයේ මීයන් යොදාගනිමිනි. එය මිනිසුන්ටත් ගැළපෙන්නේ දැයි සහතික කළ නොහැකිය.

නමුත්, පරීක්ෂණාගාරයේ සිටි මී පැටවාගේ මොළයේ මස්තිෂ්ක කෝෂිකාවේ පත්ලෙහි ඇති ස්නායු මාර්ගවල සෛල වර්ධනය වැඩි වීම සහ අමතක වීම අතර සම්බන්ධයක් ඔහු නිරීක්ෂණය කර තිබේ.

අප මොළයේ පිහිටන ස්නායු සෛල අතර සම්බන්ධතාව නිරන්තරයෙන් වෙනස් වේ.

විටෙක එම සෛල දුර්වල විය හැකි අතර, තවත් විටෙක සියල්ල එකවර අතුරුදහන් වන්නට ද පුළුවන. එමෙන්ම, වර්ධනය වන නව සෛල තුළින් ස්නායු පද්ධතිය අලුතෙන් සක්‍රීය වන නිසා පැරණි මතක මැකී යනු ඇත.

කෙසේවෙතත්, මීයෙකු වුවද හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන ශාරීරික අභ්‍යාසවල නිරතවීමෙන් ස්නායු සෛල වර්ධනය කරගත හැකිය.

සිහිතබා ගැනීම සේම අමතක කිරීමේ කුසලතාව ද වැදගත්ය. අනවශ්‍ය මතකයන් සහ හැඟීම්වලින් මිදීම ඉතා අපහසු වුවත්, පුහුණුවීම් තුළින් එම ක්‍රියාව වර්ධනය කරගත හැකිය.

"පැරණි මතකයන්ගෙන් ඈත් වන්නට ඔබත් උත්සහ කර බලන්න..."

උපුටා ගැනීම BBC සිංහල පිටුවෙනි..