පැවති දේශපාලන අර්බුධය අවසන් ! | Colombocall පැවති දේශපාලන අර්බුධය අවසන් ! - Colombocall

Hot News

පැවති දේශපාලන අර්බුධය අවසන් !




එළබෙන සතිය ඇතුලත රට තුල පවතින දේශපාලන අර්බුධය විසඳන බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව සඳහා එක්වෙමිනුයි.

රට තුළ දේශපාලන ගැටුමක්  නොමැති බවත් රට තුළ ඇත්තේ දේශපාලන අර්බුදයක් බවත් ඔහු කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, රට විනාශ කළ බවත් එමෙන්ම යම් ප්‍රමාණයකින් ජනාධිපතිවරයාද විනාශ කළ බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ඉවත් වන්න ඉවසීමෙන් කටයුතු කළ ආකාරයට වඩා පසුගිය අවුරුදු තුන හමාර තුළ ඉවසීමෙන් කටයුතු කළ බවද පැවසූවා.

තවද රනිල්  වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහකතා පත්කිරීම හදිසි තිරණයක් නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් නැවත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමත්‍ය ධූරය සඳහා කිසි ලෙසක පත් නොකර බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.