ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් කිරීමට සභාපති පුටුව "ධම්මික පෙරේරා" ට ! | Colombocall ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් කිරීමට සභාපති පුටුව "ධම්මික පෙරේරා" ට ! - Colombocall

Hot News

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් කිරීමට සභාපති පුටුව "ධම්මික පෙරේරා" ට !






ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරාට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිධූරය භාර ගන්නා ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ආරාධනා කර තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙසින් ඇමති රවී කරුණානායකගෙන් තනතුරකට ආරාධනා ලැබූ ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා වීමද විශේෂත්වයකි.

මේ වනවිට ධම්මික පෙරේරා විදෙස්ගතව සිටින බවත්, මෙම අරාධනාවට තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවත් වාර්තා වෙනවා.

බොහෝ දෙනෙක් කියා සිටින්නේ චම්පික රණවක විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් කළ බවත් දම්මික පෙරේරා මෙම යෝජනාවට කැමැත්ත පල කර සිටියොත් ඔහු ද මෙය ලාභ ලබන ආයතනයක් කරන බවත් ය.