මංගල වැඩ අරඹයි. "මිල සූත්‍රය" නිසා හෙට සිට ඉන්ධන මිල අඩු වෙයි ! | Colombocall මංගල වැඩ අරඹයි. "මිල සූත්‍රය" නිසා හෙට සිට ඉන්ධන මිල අඩු වෙයි ! - Colombocall

Hot News

මංගල වැඩ අරඹයි. "මිල සූත්‍රය" නිසා හෙට සිට ඉන්ධන මිල අඩු වෙයි !









ඉන්දන මිළ සූත්‍රය අද (20) දිනයේ සිට යළි ක්‍රියාත්මක කරන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ එතුමා දිවුරුම් දීමෙන් අනතුරුව සිය අමාත්‍යංශයේ වැඩභාර ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ වනවිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත ගොස් ඇති නිසා හෙට (21) දිනයේදී බොහෝ දුරට ඉන්ධන මිල පහත යනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ආරංචිමාර්ග තහවුරු කර තිබෙනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවූන් කියා සිටියේ මහින්ද අගමැති වූ පසු ඉන්ධන මිල අඩු කරනු ලැබුවේ කිසිම පදනමකින් නොවන බවත් බොරු ජනතා අවධානයක් ලබා ගැනීමටත් බවයි.

රටක් ඉදිරියට ගෙන යාමේදී එවන් එදා වේල යැපෙන සිල්ලර ක්‍රියාකාරකම් කිරීම තුළින් සිදුවන්නේ ඔවුන්ගේ බොරු ජනතා ආදරය පෙන්වීමක් පමණක් බවත් ඔවුන් තව දුරටත් කියා සිටියා.