එ.ජා.ප යට ආණ්ඩුව භාරදීමට සූදානම් ! ජනාධිපතිගේ තීරණය | Colombocall එ.ජා.ප යට ආණ්ඩුව භාරදීමට සූදානම් ! ජනාධිපතිගේ තීරණය - Colombocall

Hot News

එ.ජා.ප යට ආණ්ඩුව භාරදීමට සූදානම් ! ජනාධිපතිගේ තීරණය





ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වනදා නව කැබිනට් මණ්ඩළයක් පත්කරනු ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බහුතරය පෙන්වන පාර්ශවයට පාලන බලය ලබාදීමට ජනාධිපතිවරයා අවසර දෙනු ඇතැයි බවයි.

එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි

එමෙන්ම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට වෙලාවක් ලබාදෙන්නැයිද එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රී පාර්ශවය එක්ව කටයුතු කිරීම තුළින්  නැවත රට ක්‍රියාත්මක කරවීමට දෙපාර්ශවයම එකඟතාවයට එළැඹ ඇතැයි ද වාර්තා වෙනවා.