ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු" ඊවා වනසුන්දර" ගෙදර නවතී ! මෙන්න විස්තරය | Colombocall ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු" ඊවා වනසුන්දර" ගෙදර නවතී ! මෙන්න විස්තරය - Colombocall

Hot News

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු" ඊවා වනසුන්දර" ගෙදර නවතී ! මෙන්න විස්තරය








ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණා.

 අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර බුවනෙක අලුවිහාරේ සහා විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණයේදී රැස්වූ අවස්ථාවේදී විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ලබන බවයි.

මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළා. ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක  සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද  කියා සිටියා.

වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුබ පැතුම් ද පළකර සිටියා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ද ගොනු කර තිබෙනවා.