ඝාතනය කළ පොලිස් නිළධාරීන් දෙදෙනා වෙනුවෙන් ජනතාව පාරට ! | Colombocall ඝාතනය කළ පොලිස් නිළධාරීන් දෙදෙනා වෙනුවෙන් ජනතාව පාරට ! - Colombocall

Hot News

ඝාතනය කළ පොලිස් නිළධාරීන් දෙදෙනා වෙනුවෙන් ජනතාව පාරට !







පසුගියදා මඩකලපුව වවුනතිව් මාර්ග බාධකයක දී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් පෙරේදා (08) දිනයේදීද  මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් මන්නාරම අඩම්පන් නගරයේ සිට මාන්තෙයි බස්නාහිර ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණ මෙම විරෝධතාවයේ නිරත වූ අතර  නිළධාරින් ඝාතනය හෙළා දකිමින් අඩම්පන් නගරයේ  කඩ සාප්පු වසා තිබීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවැනි සිද්ධි යළි ඇති නොවන ලෙස වග බලා ගත යුතු බව පවසමින් මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ද පෝස්ටර් අලවා තිබෙන ආකාරය දැකගත හැකිවුනා.

කෙසේ වෙතත් මේ වන විට අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කරන ලබනවා.