මහින්දගේ පුත් යෝෂිත රගර් ගසා හමාරයි ! ක්‍රීඩාවෙන් සමු ගනී ! | Colombocall මහින්දගේ පුත් යෝෂිත රගර් ගසා හමාරයි ! ක්‍රීඩාවෙන් සමු ගනී ! - Colombocall

Hot News

මහින්දගේ පුත් යෝෂිත රගර් ගසා හමාරයි ! ක්‍රීඩාවෙන් සමු ගනී !







හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය දිනවල රගර් ක්‍රීඩාවේ යෙදෙන අතර ඇතිවූ බව කියන සංකීර්ණ ආබාධ තත්වයන් හේතු කොට ශල්‍යකර්ම කිහිපයකට ලක් කරේ තිබෙනවා.

 දැනට සීඑච් ඇන්ඩ් එෆ්සී කන්ඩායම් නායකයාද වන ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙස
වෛද්‍ය උපදෙස්ද ලැබී ඇතැයි ද වාර්තා වෙනවා.


 ඊයේ (30) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට "ඔහුගේ හිසේ ඇතිවූ ආබාධ තත්ව වලින් පසු ශල්‍යකර්ම සිදු කර හිස් කබලේ කොටසක හා මුහුණේ කොටසක කම්මුලේ ලෝහමය පතුරු සවිකිරීමක්ද සිදු කර ඇත".
 කොළඹ ඩර්ඩන්ස් පුද්ගලික රෝහලේදී මෙම ශල්‍යකර්ම සිදුකරනු ලැබීමෙන් පසු ඔහු යථාතත්වයට පත්වූ නමුත් වෛද්‍යවරුන් ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නෙයෙදෙන ලෙස උපදෙස් දී ඇති බවද වාර්තා කර තිබෙනවා.

වසීම් තඩියුජීන්ගේ නැමැති රග්බි ක්‍රීඩකයාගේ මරණයක් සමඟ  ලංකාව පුරා රග්බි ක්‍රීඩාව ග්‍රාමීය මට්ටමේ ජනතාව පවා දන්නා හඳුනන ක්‍රීඩාවක් බවට පත් වුණා.කෙසේ නමුත් යෝෂිත තවම මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කර නැති බව වාර්තා වෙනවා. බොහෝ දෙනෙක් කියා සිටින්නේ ක්‍රීඩාවකට වඩා ජීවිතය වටින නිසා ඔහු රග්බි ක්‍රීඩාවෙන් සමුගනු ඇති බවයි.