A-9 මාර්ගය ජලයෙන් යට වෙයි ! මිනිස්සු අනාථයි ! -PHOTOS- | Colombocall A-9 මාර්ගය ජලයෙන් යට වෙයි ! මිනිස්සු අනාථයි ! -PHOTOS- - Colombocall

Hot News

A-9 මාර්ගය ජලයෙන් යට වෙයි ! මිනිස්සු අනාථයි ! -PHOTOS-









කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් තත්වයක් හටගෙන ඇති අතර, මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාමෙන් A - 9 මාර්ගයේ ධාවන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

ප්‍රදේශයට මිලිමීටර 250කට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, කිලිනොචිචිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් යටවී තිබෙනවා.

මාන්කුලම වැව කැඩීයාම හේතුවෙන් ඇ - 9 මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන පිරිස් වෙත අවධානමෙන් ගමන් ගන්නා ලෙසයි ප්‍රදේශයේ ආරක්ෂක අංශ ඉල්ලීම් කරන්නේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් විශාල පිරිසක් අවතැන්ව සිටින අතර, අවතැන් පිරිස් ආරක්ෂක අංශ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් බේරා ගනු ලබනවා.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 37ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වැවේ වාන් මට්ටම අඩි 36ක් වන බවයි  කිලිනොච්චිය වාරිමාර්ග නිළධාරීන් පවසා සිටින්නේ.