අමාත්‍ය දිවුරුම් දීම අද ! රවී සාගල මංගල ඇතුළු යෝජනා 35 ක් ! විස්තරය මෙන්න | Colombocall අමාත්‍ය දිවුරුම් දීම අද ! රවී සාගල මංගල ඇතුළු යෝජනා 35 ක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

අමාත්‍ය දිවුරුම් දීම අද ! රවී සාගල මංගල ඇතුළු යෝජනා 35 ක් ! විස්තරය මෙන්න





කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් කොටසක් පමණක් තව සුළු මොහොතකින්  ජනාධිපති කාර්යාලයේ දී   දිවුරුම්දීමට නියමිත බව එම කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

මේ අනුව අමාත්‍යවරුන් 28 දෙනෙකු දියුරුම් දීමට නියමිත අතර, කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට යෝජනා කරමින් නම් 35ක ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපතිවරයාට යවා ඇති බවයි දේශපාන ආරංචි පවසා සිටින්නේ.

එම නව අමාත්‍ය මණ්ඩලය යටතේ සජිත් ප්‍රේමදාස මහතාට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය ද, මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායකට මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පික රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද  හිමිවනු ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් නව ආණ්ඩුවට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණු අතර, මෙම ලැයිස්තුවේ ඇතුළත් ඇතැම් අයට අමාත්‍යධූර ලබා දීමට ජනාධිපතිවරයා එකග වී නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග තුලින් වැඩිදුරටත් වාර්තාවන්නේ.

ඒ යටතේ වසන්ත සේනානායක සහ සරත් ෆොන්සේකා යන මන්තී‍්‍රවරුන්ට ද අමාත්‍යධූර ලබා නොදීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.