2020 තුරුම්පුව ගෝඨාභය ! "නැවත බලයට එන්න අදහසක් නෑ" ජනපති | Colombocall 2020 තුරුම්පුව ගෝඨාභය ! "නැවත බලයට එන්න අදහසක් නෑ" ජනපති - Colombocall

Hot News

2020 තුරුම්පුව ගෝඨාභය ! "නැවත බලයට එන්න අදහසක් නෑ" ජනපති




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීමටත්, අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනයට පැමිණ ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට කලක පටන් සමාජයේ සංවාදයක් ඇතිව තිබෙන අතර රටේ තරුණ ප්‍රජාව ඒ අතර ප්‍රධාන වේ.

කෙසේවෙතත් තමන් දේශපාලනයට පැමිණෙනවා හෝ නැතිදැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් ප්‍රකාශ කර නෑ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළග ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා පළව තිබුණ ද පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි.

නියමිත නිල කාළය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත්, එම කාළය තුල එජාප විරෝධි ස්වදේශීක නායකයෙක් ගොඩ නැගීමට මූලිකත්වය දෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පොදු වැඩපිළිවෙළක් යටතේ වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.