දෙමළ සිරකරුවන් මුදා හැරීමට ජනපති කියයි ! රවුෆ් හකීම් රට අත හැර යයි - video- | Colombocall දෙමළ සිරකරුවන් මුදා හැරීමට ජනපති කියයි ! රවුෆ් හකීම් රට අත හැර යයි - video- - Colombocall

Hot News

දෙමළ සිරකරුවන් මුදා හැරීමට ජනපති කියයි ! රවුෆ් හකීම් රට අත හැර යයි - video-









ත්‍රස්‌තවාදී චෝදනා මත අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරගත කර සිටින දෙමළ සිරකරුවන් නිදහස්‌ කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා විසින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට දී ඇති පොරොන්දුව සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පෙරමුණේ අවධානය යොමු වී තිබෙනවා.

ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර පැවති සාකච්ඡාවේදී මෙම පොරොන්දුව ලබාදුන් බවට දෙමළ ජාතික සන්ධානය මඟින් තමන්ට දැනගන්න ලැබුණ බවත් ඒ පිළිබඳව සියලු පක්‍ෂ දැනුවත් කළ බවත් ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.

එක්‌සත් ජාතික පක්‍ෂය දෙමළ ජාතික සන්ධානය සමඟ මේ ගැන සාකච්ඡා පවත්වද්දී කොටින්ට නිදහස දෙනවා යෑයි කෑ ගැසූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දේශප්‍රේමී මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්‌ දැයි කිරිඇල්ල මහතා විමසා සිටියා.

අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්‌ථාවේදී කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ. නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ද තමන්ගේ ට්‌විටර් පණිවුඩයක්‌ මඟින් මේ බව ප්‍රකාශ කර තිබෙන බවත් කිරිඇල්ල මහතා මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එක්‌සත් ජාතික පෙරමුණේ මතය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පැවැති ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස්  කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (09) පැවැති සාකච්ඡාවකදි.

උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි රැස් වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ද එක්ව සිටියා.

එහිදී ඉකුත් මාස දෙක තුළ උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරුණු සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සතුට පළ කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ ඉතා ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සදහා එක්වන්නැයි සියලු පාර්ශ්වයන්ට ආරාධනා කළා.

මේ අතර රවුෆ් හකීම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනා මක්කම වන්දනාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා. රටින් පිටවීමට පෙර ඔවුන් මාධ්‍ය වෙත පල කළ අදහස් පහළින් නරඹන්න.