මාතර පාසල් සිසුවා ඝාතනය කළ "සිතිජ" තවත් බොරුවක් පොළිසියට පවසා මාට්ටු වුණු වීඩියෝව මෙන්න - VIDEO- | Colombocall මාතර පාසල් සිසුවා ඝාතනය කළ "සිතිජ" තවත් බොරුවක් පොළිසියට පවසා මාට්ටු වුණු වීඩියෝව මෙන්න - VIDEO- - Colombocall

Hot News

මාතර පාසල් සිසුවා ඝාතනය කළ "සිතිජ" තවත් බොරුවක් පොළිසියට පවසා මාට්ටු වුණු වීඩියෝව මෙන්න - VIDEO-







පසු ගිය දිනයක පාසල් වයසේ තරුණයකු ඝාතනය කිරීමේ  සිද්ධියේ ප්‍රධාන සැකකරු "සිතිජ" නම් වූ තරුණයාගේ නවතම වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි ඔහු ඝාතනයෙන් පසු සැඟවී සිටි පෙදෙසක කුරුම්මා කෑවායැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් වෙත පැවසීමෙන් පසු ඒ බව හෝදිසි කිරීම සඳහා ඔහු රැගෙන ගිය අයුරුයි.

කෙසේ වෙතත් ඔහු කියා ඇත්තේ බොරුවක් බව එහිදී ඔප්පු වූ අතර එතැනදී බොරු කිවේ මන්දැයි නිළධාරීන් ප්‍රශ්න කර සිටි අතර සිතිජ කියා සිටියේ බයට බොරු කී බවයි.

මෙම වීඩියෝවට ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කියා තිබුණේ  "චන්ඩියෙක් ලෙස  පාසල් සිසුවකු ඝාතනය කලත් දැන් නම් බියගුල්ලෙක්" ලෙස පෙනෙන බවයි.

ආරංචි මාර්ග කියා සිටියේ මොහු මෙලෙස අපරාධයෙන් පසු ලේ තැවරුණු ඇඳුම් හා පිහිය පෙන්වන්නට විවිධ ස්ථාන වලට ගෙන ගිය නමුත් ඔහු බොරු පැවසූ නිසා කිසිදු නඩු භාන්ඩයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි

 කුරුම්බා කෑවා දැයි බැලීමට යන වීඩියෝව වීඩියෝව පහළින් නරඹන්න





පිහියෙන් පහර දී උපකාරක පන්තියක් අසලදී තරුණයා ඝාතනය කළ වීඩියෝව