මෛත්‍රී මහින්ද ආණ්ඩුව යටතේ රට තිබියදී උතුරේ පොළිස් නිළධාරීන් දෙදෙනකු මරා දමයි ! -VIDEO- | Colombocall මෛත්‍රී මහින්ද ආණ්ඩුව යටතේ රට තිබියදී උතුරේ පොළිස් නිළධාරීන් දෙදෙනකු මරා දමයි ! -VIDEO- - Colombocall

Hot News

මෛත්‍රී මහින්ද ආණ්ඩුව යටතේ රට තිබියදී උතුරේ පොළිස් නිළධාරීන් දෙදෙනකු මරා දමයි ! -VIDEO-








මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඊයේ රාත්‍රීයේ වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීවල නිරතව සිටි බව යි.

අද උදෑසන අදාළ මාර්ග බාධකය අසළ තිබී මළ සිරුරු සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

මිය ගිය දෙදෙනාම පොලිස් කොස්තාපල්වරුන් ය.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එක් නිළධාරීවරයෙක් දමිළ ජාතිකයෙක් වන අතර අනෙත් නිළධාරීවරයා සිංහල ජාතිකයෙක් බවත් සඳහන් වෙනවා.

මේ අතර අද(30) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් නලින් මන්ත්‍රීවරයා කියා සිටියේ මීට දින කිහිපයකට පෙර කරුණා අම්මාන් ට්විටර් පණිවිඩයක් මුදා හරිමින් කියා ඇති දෙය හා මෙම ඝාතනය අතර සම්බන්දයක් ඇත්තැයි සොයා බලන ලෙසයි. කරුණා අම්මාන් නිදහස් සන්ධානයේ ප්‍රභල තනතුරක් දරන්නෙක්.

එම වීඩියෝව පහත සබැඳියෙන් නරඹන්න

https://www.facebook.com/NewsfirstSL/videos/353898695384800/